මහනුවරට ඉරිදා සිට පැය 36ක් ජලය නෑ
- 7 10 2016
- 21:30
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
පොල්ගොල්ල උකුවෙල උමං මාර්ගය පරීක්ෂා කිරීම හේතුවෙන් අනිද්දා ( 09දා) (ඉරිදා) දින රාත්රී 9.00 සිට 11 වැනිදා පෙරවරු 09.00 දක්වා පැය 36 ක කාලයක් ජල සැපයුම මහනුවර බල ප්රදේශයට අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව, විසල් මහනුවර ජල පවිත්රාගාර හා පොල්ගොල්ල ජල පවිත්රාගාරය මගින් ආවරණය වන පාතදුම්බර, හාරිස්පත්තුව, අකුරණ ප්රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්රදේශය, කුණ්ඩසාලේ ප්රාදේශීය කොට්ඨාස බල ප්රදේශයට අයත් ලේවැල්ල, සිරිමල්වත්ත, අමුණුගම සහ වලල යන ප්රදේශවලට සහ මහනුවර මහ නගර සභා බල ප්රදේශයේ අස්ගිරිය ජල තටාකය මගින් ජලය බෙදා හරිනු ලබන ප්රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවන ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
