මහනුවර හිටපු පුරපති මහේන් රත්වත්ත මහතා මහනුවර ශ්රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ධුරයට නිතරගයෙන් තේරී පත් වු බව මහනුවර සහකාරබෞද්ධ කටයුතු කොමසාරිස් පරාක්රම ජයවර්ධන මහතා පැවසීය.
මහනුවර ශ්රී විෂ්ණු දේවාලය ඇතුළු දේවාල තුනක් සඳහා බස්නායක නිලමේවරුන් තෝරා පත්කරගන්නා ඡන්ද විමසීම අද (01දා) පෙරවරුවේ මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී මහනුවර සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඉදිරියේ පැවැත්විණි.
මිට අමතරව අලවතුගොඩ ශ්රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස යළිත් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා තේරීපත්වූ අතර,ගඩලාදෙණිය ශ්රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස බැසිල් මයුර අමුණුගම මහතාතේරී පත් විය.
සී. රූපසිංහ