මහනුවර නගරයේ පැවැත්වීමට නියමිත මෝටර් රථ සැණකෙළියට බොදුබල සේනා සංවිධානය විරෝධය ප්‍රකාශය කරන බවත්, මෙරටේ මහනායක ස්වාමීන් වහන්සේලාගේ මතය බොදුබල සේනාවේ මතය වන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ‘අද’ට පැවසීය.
සංවේදී ප්‍රදේශ තුළ සැණකෙළි සංවිධානය කිරීමේදී ඉතා ප්‍රවේශම් විය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.