මහනුවර නයිට් රේස් තරගය නොපවත්වන ලෙස මහනාහිමිවරුන් ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබුණද එළඹෙන 28වැනිදා තරගය පැවැත්විමට සියලු කටයුතු සංවිධානය කර තිබේ. තරගය 28දාත් , තරගය සඳහා සුදුසුකම් ලැබීමේ ඉසව්ව 27දාත් පැවැත්වීමට නියමිත බව ඊයේ (23දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අණාවරණය විය.
මහනුවර නයිට් රේස් තරගාවලිය සංවිධානය කරන ප්‍රධාන පාර්ශ්ව කරුවෙක් වන කාල්ටන් මෝටර් රථ සංගමයේ ලේකම් ජාලිය ජයසේකර මහතා ඊයේ (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ නයිට් රේස් තරගාවලිය සංවිධානය කළ ලෙස පවත්වන බවය.
එසේම එය මහජනතාවට අපහසුතාවක් නොවන ලෙස පවත්වන බවත් ඔහු සඳහන් කළේය.