සියලුම මහනාහිමිවරුන්ගේ ඒකමතික එකඟතාවක් ලැබෙනතුරු විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට තීරණය කළ බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පැවසීය.
සියලුම මහනාහිමිවරුන්ගේ ඒකමතික එකඟතාවකින් තොරව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අදහස වී ඇති අතර එය අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පක්ෂනායක රැස්වීමට දැනුම්දී තිබේ.
ඒ අනුව මේපිළිබඳව අද (03දා) පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගත් බවත් හෙතෙම පැවසීය.
කෙසේ වුවද සියලුම මහනාහිමිවරුන්ගේ ඒකමතික ඉල්ලීමක් ලැබෙනතුරු විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමටද ආණ්ඩුව තීරණය කර ඇත.