බුද්ධාගම ආරක්ෂා කිරීම රජයේ වගකීම වූවද මහජන මුදල් අවභාවිතා කර සිල් රෙදි බෙදා දෙන ලෙසට කිසිදු නීතියක් නොමැති බව ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය සඳහන් කරයි.
මේ නිසා පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල්රෙදි බෙදා දීමට උපදෙස් ලබාදුන් දේශපාලඥයන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතු බවට එම සංගමයේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ අවධාරණය කළහ.
එම වරදට දඬුවම් ලැබී තිබෙන්නේ හිටපු රාජ්‍ය සේවකයන් දෙදෙනෙකුට පමණක් බවත්, එහෙත් එම ක්‍රියාවට උපදෙස් ලබාදුන්නේ තමන් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන බවත් උන්වහන්සේ එහිදී පවසා සිටියහ.
මහජන දේපොළ අවභාවිත කරමින් අල්ලසක් වශයෙන් සිල්රෙදි බෙදාදීම සිදුකර ඇත් බවත්, මෙම ක්‍රියාව බුද්ධාගම ආරක්ෂා කිරීමට සිදුකළ ක්‍රියාවක් වශයෙන් කිසිවෙකුටත් පැවැසිය නොහැකි බවත් අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම හිමියෝ සඳහන් කළහ.
සිරගත කළ පිරිස් බේරා ගැනීමට මහා සංඝරත්නයේ කිහිප දෙනෙකු කටයුතු කරන බවට සඳහන් වන බවත්, එහෙත් හොරු රැකගැනීමට කටයුතු නොකළ යුතු බවත් උන්වහන්සේ එහිදී අවධාරණය කරයි.