මහජන බැංකු සේවක කණ්ඩායමක් විසින් හෙට (07දා) ක්‍රියාත්මක කිරීමට නියමිත එක්දින සංකේත වැඩවර්ජනය සඳහා සහයෝගය නොදක්වන බව මහජන බැංකුවේ ජාතික සේවක සංගමය, නිදහස් සේවක සංගමය, මහජන බැංකු නිලධාරී සංගමය සහ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රගති පෙරමුණ පවසයි.
ඒ අනුව හෙට දිනයේ කිසිදු බාධාවකින් හෝ අවහිරයකින් තොරව සාමාන්‍ය පරිදි කටයුතු පවත්වාගෙන යන බවත්, විවිධ පුද්ගලයන්ගේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි සේවක මණ්ඩලයෙන් හා ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් මහජන බැංකුව ප්‍රකාශ කරයි.