මහජන නියෝජිතයන්ගේ ඉල්ලීම්වලට ප්‍රමුඛතාව- ජනපති
අමාත්‍යවරුන් ප්රමුඛ මහජන නියෝජිතයන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමුකරන ජනතා ඉල්ලීම් දේශපාලන මැදිහත්වීම් ලෙස නොසලකන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම්දී ඇත. එවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතා පදනමෙන් ක්‍රියාකරන ලෙසද ජනපතිවරයා ලේකම්වරුන්ට දන්වා ඇත.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් ජනාධිපතිවරයා දී ඇති උපදෙස් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමුකරන ජනතාවගේ ඉල්ලීම් අනිසි දේශපාලන මැදිහත්වීම් ලෙස සැලකීමට නිලධාරීන් පුරුදු වී ඇතැයි ජනාධිපතිවරයා වෙත වාර්තා වී ඇතැයි වීරතුංග මහතා සිය ලිපියෙහි සඳහන් කරයි.
ජනතාවගේ ඉල්ලීම් ආයතන ප්‍රධානීන් වෙත යොමුකිරීමට මහජන නියෝජිතයන්ට අයිතියක්, යුතුකමක් සහ වගකීමක් ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙන බවත්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් මහජන නියෝජිතයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට බැඳීසිටින බැවින් එවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දී ක්‍රියාකළ යුතු බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

