මහජන දුක්ගැනවිලි සඳහා සහන සැලසීමේ අරමුණින් හඳුන්වාදෙන ලද නවතම ක්‍රමවේදය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (22දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරිනි.
රජයේ සේවාවන් ලබාගැනීමේදී මතුවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ඉක්මන්, කාර්යක්ෂම, විශ්වාසදායී සහ නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ ක්‍රමවේදයක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය සපුරාලමින් රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් මෙම මහජන දුක්ගැනවිලි සඳහා සහන සැලසීමේ ක්‍රමවේදය ස්ථාපිත කර තිබේ.
www.complaints.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1919 දුරකථන අංකයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ අදාළ ආයතනවල පිහිටුවා ඇති මහජන අවධානය කවුළුවට ඇමතීමෙන් තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට සහ ඒ පිළිබඳ ප්‍රගතිය කෙටි පණිවුඩයක් මගින් හෝ විද්‍යුත් ලිපියක් මගින් දැනගැනීමට පහසුකම් සලසා ඇති බව පෙන්වා දෙයි.
රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, වැඩබලන ජනාධිපති ලේකම් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනී සේදර නෙනරත්, අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.බන්දුසේන යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.