මහඉලුප්පල්ලම බීජ ගොවිපොළ සහ එයට අයත් ඉඩම් අක්කර 300ක් බංග්ලාදේශයේ සමාගමකට අවුරුදු 150කට බදුදීම සඳහා හොර රහසේ ගිවිසුම් ගතව තිබෙන නමුත් කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් පවා එම ගිවිසුම දැක නැතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (15දා) පැවසීය.
මෙම ගිවිසුම රටට ඉදිරිපත් කර නැති බැවින් කෘෂි ක්ෂේත්රයේ විද්වතුන් මෙම පවරා දීම සම්බන්ධව අදහස් පළ නොකරන බවද ඒ මහතා සඳහන් කළේය.
බීජ නිෂ්පාදනය කිරීමේ අයිතිය බහුජාතික සමාගම්වලට පවරා ගොවීන් එම සමාගම්වල වහලුන් කිරීමේ ආණ්ඩුවේ සූදානම පිළිබඳව ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ද හෙතෙම පවසා සිටියේය. මරදාන සී.එස්.ආර් ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.