20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට රජය සූදානම් බව වාර්තාවෙයි.
කෙසේ වෙතත් එම මැතිවරණය දැනට පවතින මැතිවරණ ක්‍රමය යටතේම පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබෙන අතර එයට ඊයේ (08දා) රැස්වූ කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලැබී තිබේ. ඉන් අනතුරුව අනෙකුත් මැතිවරණ නව ක්‍රමය යටතේ පැවැත්වීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.