මහ මඟ තනිකර යන වැඩිහිටියන්ට අයත් දේපොල ඥාතීන්ට ගත නොහැකි වනසේ රාජසන්තක කළහැකි නීති ගෙන ආ යුතු යැයි සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
භාරකරුවන් නොමැතිව මහ මඟ දමා යන වැඩිහිටියන් සමාජසේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති වැඩිහිටි නිවාසයන්හි භාරකාරීත්වයට පත්කර, ඔවුන් හට කිසියම් දේපොලක් වේ නම් ඒවා රාජසන්තක කල හැකි වන සේ නීති, රීති සකස් කල යුතු බව අමාත්‍යවරයා පැවසූයේ අද (30) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වූ පලාත් සමාජසේවා ඇමැතිවරුන්ගේ සමුළුවකදීය.