මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප් කමිටුවේ ) විමර්ශන අවසන් කර තිබෙන අතර ලබන 13 වැනිදා එම සිද්ධියට අදාළ වර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කෝප් කම්ටුව හමුවට අද (08දා) දිනයේදී කැඳවා අවසන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකෙරුණි. එහිදී විනාඩි 10කට අඩු කාලයක් මහබැංකු අධිපතිවරයා කෝප් කමිටුව හමුවේ පෙනී සිට තිබේ.
කෙසේ වෙතත් මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් කිසිවක් විමසා නැති අතර මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සාමාන්‍ය ක්ර‘මවේදය ගැන පැහැදිලි කිරීමක් සිදුකරන ලෙසට ඔහුට පවසා තිබේ
ඒ අනුව මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ගැන පැහැදිලි කිරීමක් සිදුකර මහබැංකු අධිපතිවරයා පිටත්ව ගොස් ඇත.