මහ බැංකු අධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වය නිසා රජයට මේ වනවිට රුපියල් කෝටි 5000 ක මුදලක් අහිමි වී තිබෙන බවට හෙළි වී තිබුණද, මහා බැංකු අධිපතිවරයා වෙනුවෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු නොකිරීම මෙසේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (12දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකය.
මේ තරම් මූල්‍ය වංචාවක් සිදුවී තිබුණද වර්තමාන ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු සොයාබැලීමක් සිදු නොකරන බවත්, එහෙත් රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය කාලයේ කටයුතු කළ මහජන නියෝජිතයන්ට විවිධ චෝදනා එල්ල කර සිරගත කරන බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා මහජන නියෝජිතයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයට මේ පිළිබඳව පැමිණිලි කරන බවද හෙතෙම සඳහන් කළේය.
මහ බැංකු ගනුදෙනුවෙන් රටට අතිවිශාල මුදලක් අහිමි කිරීමට අමතරව මහ බැංකු අධිපතිවරයා විසින් පසුගියදා නිකුත් කළ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවට ඉංග්‍රීසියෙන් අත්සන් තබා තිබන බවත්, එහෙත් මේ වනවිට නිකුත් කර තිබෙන ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අත්සන් තබා තිබෙන්නේ සිංහලෙන් බවත් ඔහු පවසා සිටියේය.
මුදල් නෝට්ටුවකට ඉංග්‍රීසියෙන් අත්සන් තැබුවේ වසර 26 කට පසුව බවත්, එහෙත් රට තුළ මවු භාෂාවන් තිබෙන්නේ සිංහල සහ දෙමළ භාෂාවන් පමණක් බවද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ගෙන එන විශ්වාසභංග යෝජනාව ඉදිරි දෙසතිය තුළ ගෙන එන බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.