මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වහාම ක්රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
අභිවන නව ජනාධිපතිවරයා යටතේ නව මහ බැංකු අධිපතිවරයෙකුගේ පත්වීම වෙනුවෙන් ඒ මහතා මෙසේ සිය ධුරයෙන් ඉවත් වී තිබේ.
2006 ජූලි 01 වැනිදා ශ්රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස තේරී පත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2010 ජුනි 30 වැනිදා දක්වා එම ධුරයේ කටයුතු කර නැවත වරක් වසර හයක කාලයක් සඳහා 2010 ජූලි 01 වැනිදා සිට 2016 ජූනි 30 වැනිදා දක්වා පත්වීම් ලැබීය.