මහ බැංකු අධිපති රටින් පැනව ගොස් නොමැති බවත් ඔහු විවාහ මංගල්‍යකට එක්වීම සඳහා සිංගප්පූරුවට ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා ඉහත අදහස් දැක්වීය.
පසුගිය සතියේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමාට හමුවූ අවස්ථාවේදී විදෙස් ගත වෙන බවට පැවැසූ බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
" උදයංග වීරතුංග වගේ පැනලා ගිහින් නෑ. එතුමා ආපසු එනවා" යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසිය.