මහ බැංකු අධිපතිවරයා පිළිබඳව ජුනි 30 වැනිදා තීරණයක් ගත්තද, ඔහුට අත් දෙක වන වනා ගෙදර යෑමට ඉඩ නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පසුගිය ආණ්ඩුවේ සිටි මහ බැංකුවේ අධිපතිවරයාසේම වර්තමාන මහබැංකු අධිපතිවරයාද බැඳුම්කර නිකුතුවේදී නීතියට පිටින් කටයුතු කර රටට මූල්‍ය පාඩු සිදුකර තිබෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා මහ බැංකු අධිපතිවරයාගේ ධුරකාලය මේ මස 30 වැනිදායින් අවසන් වන නිසා ඔහුගේ කාලයේ සිදුකළ බැඳුම්කර වංචා පිළිබඳ පරීක්ෂණ සිදුකර රටට අහිමි වූ මුදල නැවත ඔහුගෙන් අයකළයුතු බවද පක්ෂ නායකවරයා කියා සිටියේය.