බුදුරජාණන් වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව මහානායක හිමිවරුන්ගෙන් සමාව ගන්නා ලෙස ශ්‍රී ලංකා තවුහීඩ් ජමාත් සංවිධානයේ මහලේකම්වරයාට නියෝග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20දා) කටයුතු කළේය.
අගතියට පත්වූ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ ලේකම්වරයා බුදුදහමට නිගාදෙන අයුරු පෙන්වන වීඩියෝ ප්‍රචාරණය කිරීමෙන් වළකින ලෙසත් මාධ්‍යයට පැවැසූ බව පැවැසීය. මේ පිළිබඳව අදහස් දක්වමින් තවුහීඩ් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දු රසීක් සඳහන් කළේ තමන් ඕනෑකමින් බුදුදහමට පහර නොදුන් බවයි.
“මම භාවිත කළේ ස්වාමීන් වහන්සේලා පොත්වල සඳහන් කර තිබුණු කරුණුයි. මම පිළිගන්නවා සමහර කරුණු සම්බන්ධයෙන් වැරදි හුවා දැක්වීමක් මම කළා කියලා. පසුව මම එය නිවේදන මගින් නිවැරදි කළා” යැයි පැවසීය.
කෙසේ නමුත් තමන් මහා නායක හිමිවරුන් හමුවීමට ගොස් මහේස්ත්‍රාත් උසාවිය සඳහන් කළ පරිද්දෙන් කටයුතු කරන බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ඩේලි මිරර් ඇසුරෙනි