අපවත් වී වදාළ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා විහාරයේ මහා නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදශ්යාභිධාන ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය 2016 මාර්තු 13 වැනි ඉරිදා දින පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමටත්, එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටත් රජය තීරණය කර ඇත.
එබැවින් එදින සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කිරීමට කටයුතු කරන ලෙස රජය දන්වා සිටියි.