මහ නගර සභා , නගර සභා, ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පත් ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.
පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා අදාළ පනත් කෙටුම්පත පසුගියදා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
නව මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව මෙම පනත් කෙටුම්පත් මගින් සංශෝධනයට ලක්කර ඇත.
මෙම පනත සඳහා කථානායක කරු ජයසූරිය මහතාගේ අත්සන ලැබී සතියකින් ගැසට් කරන බව ඇමති ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය.