ඌව පළාත් සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් හා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හෙට (30දා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
එමෙන්ම, විපක්ෂ නායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් හරින් ප්‍රනාන්දු මහතා ලබන මස 06 වැනිදා විපක්ෂ හා එ.ජා.ප. ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී දිවුරුම් දීම සිදුකිරීමට නියමිතව තිබේ.
මෙවර ඌව පළාත් සභාවට එම පක්ෂයෙන් මන්ත්‍රීවරු 17 දෙනෙක් තේරීපත් වූහ. ඊට අමතරව එම පක්ෂයට බෝනස් ආසන 2 ක්ද හිමිවිය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මොනරාගල දිස්ත්‍රික්කයට වැඩිම මනාප ලැබූ, හිටපු ඌව පළාත් සභා මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙවරද ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.
මේ අතර, අද (29දා) ජනාධිපතිවරයා ප්‍රධානව දින කැබිනට් රැස්වීමක් පැවැත්වීමටද නියමිතය. මේ අතර, ඌව පළාත් සභාවට තේරීපත් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායකවරයා ලෙස හරින් ප්‍රනාන්දු මහතා දිවුරුම් දීම ඔක්තෝබර් මස 06 වැනිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද එංගලන්තයේ කොන්සර්වේටිව් පක්ෂ සමුළුවට සහභාගීවීම සඳහා විදේශගත වීමත්, පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා දැනට විදේශගතව සිටීමත් නිසා මෙම දිවුරුම්දීම් කල්දමා තිබෙන බව වාර්තා වේ.