නෝර්වුඩ් ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ ගව ඝාතකාගාරයට මස් පිණිස ඝාතනය කිරීම සඳහා බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය කරමින් සිටි කිරි ගවයන් තිදෙනෙකු සැකකරුවන් තිදෙනෙකු සමග නෝර්වුඩ් පොලීසිය මගින් අද (19දා) අත්අඩංගුවට ගෙන ඇත.
හිංසාකාරී ලෙස කුඩා ලොරියක මෙම කිරි ගවයන් තිදෙනා පටවා අතුරු මාර්ගයක් ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්විය.
කිරි ගවයන් මිලදී ගත් රිසිට්පතක් හෝ කිරි ගවයන් ඝාතනය කිරීම සඳහා පශු වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක්ද නොමැති බව නෝර්වුඩ් පොලීසිය පැවසීය.