එරාවුර්හිදී නිදි යහනේදීම කාන්තාවක හා ඇයගේ දරුවා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. අද (18දා) පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබුණ තොරතුරක් අනුව සිරුරු සොයාගෙන ඇත.
මෙසේ ඝාතනය වී ඇත්තේ අවුරුදු 26ක් වන කිරිවන් මධුවන්ති නම් කාන්තාවක් හා ඇයගේ අවුරදු 12ක් වන පාරාම්බරම් මධුෂාන් නැමැති දරුවායි.
පහරදීමකින් ඔවුන්ව ඝාතනය කර ඇති බව පොලීසිය කියයි.