තම දෙවැනි දියණිය හා සම්බන්ධ කරුණක් මුල් කරගනිමින් එම දියණිය සමඟ බහින් බස් වී තම තෙවන දියණිය සමඟ අඩි 30 පමණ ලිදකට පැන්න පිටිගල තල්ගස්වල වත්තහේන ප්‍රදේශයේ කාන්තාව සහ තෙවැනි දියණිය මියගොස් ඇත.
එලෙස දිවි හානිකර ගෙන ඇත්තේ 40 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 10 හැවිරිදි දියණියි. මෙම කාන්තාවගේ දෙවැනි දියණිය නිදි පෙති පානය කර ඇති අතර ඇය රෝහල් ගත කිරීම සදහා ත්‍රීරෝද රථයක් රැගෙන ඒමට යන බව පැවසු අදාල කාන්තාව තම තෙවැනි දියණිය සමඟින් ලිදට පැන දිවි හානි කරගෙන ඇත.මෙම කාන්තාවගේ වැඩිමහල් දියණිය විදේශ රටක සේවය කරන අතර ඇයගේ සැමියා මීට වසර 8 කට පෙර මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ ප්‍රියන්ති වීරසිංහ (40) නැමැති කාන්තාව සහ දිස්මි දෙව්මිණී (10) දැරියයි. මෙම සිරුරු ඇල්පිටිය මුලික රෝහල වෙත ගෙනවිත් ඇති අතර වැඩිදුර පරීක්ෂණ පිටිගල පොලිසිය විසින් සිදු කරණු ලබයි.
හබරාදුව නිමල් අල්ගෙවත්ත, රවීන්ද්‍ර ලියනගේ