මව දුම්රියට පැන සියදිවි හානි කරගත් ස්ථානයේදිම පුතුද දුම්රියට පැන ඊයේ (01) පස්වරුවේදි සියදිවි හානිකරගෙන ඇතැයි පේරාදෙණි පොලිසිය පවසයි.
මෙසේ දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇත්තේ මාතලේ රත්තොට පදිංචි අමිල විශ්ව කුමාර නැමැති තරුනයයෙකි. මියගිය තරුනයාගේ මවද මිට ඉහදතදි මහනුවර පේරාදෙණිය ගන්නොරුව ප්රදේශයේදි දුම්රියට පැන සියසිවි හානිකරගෙන ඇති අතර ඇය පොලිස් කොස්තාපල්වරියෙකු ලෙස සේවය කර අැත.
මියගිය තරුණයාගේ පියා මහනුවර පොලිස් ස්ථානයක පොලිස් පරික්ෂකවරයෙකු ලෙස සේවය කරයි. මව දුම්රියට පැන සියදිවි නසාගත් ස්ථානයට වරින් වර පැමිණ ඇති පුතු මල් පහන් පත්තු කර තිබේ.