මේ දිනවල දකුණු කොරියාවේ පැතිර යමින් තිබෙන මර්ස් (MERS-Middle East Respiratory Syndrome) හෙවත් මැදපෙරදිග ස්වසන සහලක්ෂණ රෝගය කිසිදු ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකුට වැලඳී නැතැයි විදේශ රැකියා ඇමතිනී නීතීඥ තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කරයි.
මෙය ඔටුවන්ගෙන් බෝවන්නේ යැයි විශ්වාස කරන වෛරසයක් මගින් පැතිර යන රෝගයකි.
දකුණු කොරියාවේ දැනට උද්ගත වී ඇති මෙම රෝගී තත්ත්වය පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවද අමාත්‍යවරිය සඳහන් කළේය. මෙය සමාජගත වෛරසයක් නොවන බවත්, දැනට මෙම රෝගී තත්ත්වය එරට රෝහල්වලට සහ සෞඛ්‍ය සේවා සපයන සායනවලට පමණක් සීමා වී ඇති බවත්, එරට මර්ස් රෝගය වැලඳී ඇති රෝගීන් සියලුම දෙනා හඳුනාගෙන ඇත්තේ ආරෝග්‍ය ශාලාවලින් පමණක් බවත් අතුකෝරාල මහත්මිය පැවසීය.
මේ අතර දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්වන සියලු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට, මර්ස් රෝගයෙන් වැළකීම සඳහා වෛද්‍ය උපදෙස් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද තලතා අතුකෝරාළ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.