ඉස්ලාමීය රාජ්‍යය හෙවත් මරණයේ ජාලය ගලවා ඉවත් කිරීමට ලෝකයේම සහාය අවශ්‍ය බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අවධාරණය කරයි.
නිව්යෝක් නුවරදී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේය.
මේ වනවිට ඇමෙරිකානු යුද ගුවන් යානා ඉරාකයේ සහ සිරියාවේ ISIS ඉස්ලාමීය අන්තවාදීන් ඉලක්ක කරමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් අරඹා තිබේ.
"මේ වගේ දුෂ්ටයින් පිරිසක් සමග සාකච්ඡා ඵලක් වන්නේ නැහැ. ඒ වගේම ඔවුන් සමග තර්ක විතර්ක ඵලක් වන්නේත් නැහැ." යැයි ඔබාමා එක්සත් ජාතීන් අමතමින් වැඩිදුරටත් පවසා සිටියේය.