ඇතැම් වැරැදි සම්බන්ධයෙන් මෙරට අධිකරණවලින් වරදකරුවන්ට නියම වන මරණීය දණ්ඩනය වෙනුවට ඔවුන් සඳහා ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.
මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසූවේ මරණීය දණ්ඩය ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල වුවත් එය සැලකිය යුතු කාල පරිච්ඡේදයක සිට ක්‍රියාත්මක වී නොමැති බවයි.
මහාධිකරණය මගින් මූලිකව මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළෙන පුද්ගලයන්ට එරෙහිව මරණීය දණ්ඩන නියෝග නියම වන අතර වර්තමානයේ 500 කට අධික සිරකරුවන් මරණ දණ්ඩනයට නියම වී බන්ධනාගාර ගතවී සිටින බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව 500 කට අධික සිරකරුවන් ජනාධිපතිවරයාගේ අවසරය මරණ දඬුවමට ලැබෙන තාක් රඳවා සිටින බවත්, ඒනිසා බන්ධනාගාර තුළ විශාල ගැටලු රාශියක් පැන නැගී ඇති බවත් මානව හිමිකම් කොමසාරිස්වරයා සඳහන් කළේය.