සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරිමත් සමග මරණිය දණ්ඩනය නැවත ඇති කරන ලෙස සමාජයේ රැල්ලක් ඇතිවෙමින් පවතී.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාද සඳහන් කරන්නේ මරණීය දණ්ඩනය නැවත ගෙන ආ යුතු බවයි.
නමුත් ඔහුගේ අමාත්‍ය මණ්ඩලය මෙන්ම ඔහුගේ පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතා පවසන්නේ රැල්ලට නොයා යුතු බවයි.
එසේ වුවත් ඡන්දයක් ළග තිබ්බානම් තමන් මේ දේ නොකීමට ඉඩ තිබෙන බවත් අජිත් පෙරේරා අමාත්‍යවයරා පැවැසීය.
"මරණීය දණ්ඩනය ගැන දැන් රැල්ලක් යනවා. මගේ මිත්‍ර රංජන් ඇමතිතුමාත් එක්ක මම ගොඩක් දේවල් සමග එකගයි. හැබැයි මේ ප්‍රශ්ණේ ගැන දක්වන ආකල්පය නම් ඉතාමත් වැරදියි.
එතුමා ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනියට බැණ අඩගහනවා එහෙම කියන්නේ කොහොමද කියලා. මරණීය දණ්ඩනය තියෙන රටවල් අපරාධ නැත්ද? මරණ දඬුවමයි අපරාධ අතරෙයි සම්බන්ධයක් නෑ.
ඡන්දයක් ළග නැති නිසා මම මේක කියන්නේ. ඡන්දයක් ළග තිබ්බානම් මමත් මේ ගැන කතා නොකර ඉන්න තිබ්බා" යැයි පෞද්ගලික රූපවාහිනි නාළිකාවක දේශපාලන වැඩසටහනකදී අජිත් පෙරේරා අමාත්‍යවරයා පැවැසීය.
කෙසේ වෙතත් මේ පිළිබඳව සිය ෆේස් බුක් ගිණුමේන් කෙටි සටහනක් තබන රන්ජන් රාමනායක අමාත්‍යවරයා පවසන්නේ
“ජන්දයක් ලග නැති නිසා" සේයා වැනි අහිංසක ළමයින් තිර්සන් ලෙස දුෂණය කර මරා දමන පුද්ගලයන්ට මරණ දණ්ඩනය දීමට විරුද්ධ බව පවසන මා මිත්‍ර අජිත් පෙරේරා ඇමතිතුමන්” යනුවෙනි