මරණ දඬුවම අහෝසි කළ යුතු බවට සදහන් කරමින් ලිපියක් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබේ.
මානව හිමිකම් මූලධර්මවලට සහ වටිනාකම්වලට ගැළපෙන මානුෂීය සමාජයක් සඳහා ශ්රී ලංකාවේ කැපවීම සාක්ෂාත් කරනු පිණිස මෙලෙස මරණ දඬුවම අහෝසි කරන නිර්දේශ ජනාධිපතිවරයාට යොමු කළ බව ශ්රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය පැවසුවාය.