වටරැක විජිත නමැත්තාට කිසිම ආකාරයකින් මරණ තර්ජනයක් නොකළ බවත්, ඒ බව මාධ්‍යවලින් මුළු රටම දුටු බවත්, මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට අනිවාර්යයෙන්ම පොලීසියට නිදහස තිබෙන බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ 'අද'ට පවසා සිටියහ.
පසුගිය බදාදා (09 දා) දිනයේදී කොළඹ නිපෝන් හෝටලයේදී ජාතික බලසේනා සංවිධානය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් හිමි ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා බාධා පුමුණුවා තමාට මරණ තර්ජන එල්ල කළ බවට මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි කොම්පඤ්ඤවීදිය පොලීසියේ ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදී ඤාණසාර හිමියෝ පැවසූහ.
අපි ඉතා පැහැදිලිව කියන්න ඕනෙ පෙරේදා (9දා) වෙච්ච සිද්ධිය මුළු රටම මාධ්‍යවලින් දැක්කා. එතකොට අපි එතන කිසිම මරණ තර්ජනයක් එල්ල කළා නොවෙයි. ඔය වටරැක විජිත කියන කෙනා දිගින් දිගිටම බෞද්ධයන්ට, සිංහලයන්ට, රටට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් සිටි අයෙකු බව පැවසිය යුතුයි. ඒ වගේම, මුස්ලිම් අන්තවාදී කල්ලි කණ්ඩායම් මුදා හැරල තියෙන ක්‍රියාකාරකම් අප හෙළිදරව් කරන විට ඒවා යටපත් කිරීම සඳහා, අප ඉදිරිපත් කරන සත්‍යය විකෘති කරමින්, මුස්ලිම් අන්තවාදීන්ට ඕනෑ විදියට මේ පුද්ගලයා දිගටම කටයුතු කරනවා.
එතකොට එයා සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නාවලියක් තිබෙනවා. මොකද, මහියංගන ප්‍රාදේශීය සභාවේදී මේ පුද්ගලයා සම්පූර්ණයෙන්ම මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. අද මුස්ලිම් අන්තවාදයක් මහියංගණයේ ක්‍රියාත්මක වෙනවා. ඒ මුස්ලිම් අන්තවාදය විසින් තමයි මේ මහියංගනය පල්ලියත් මෙහෙයවන්නෙ. ඒ සංඛ්‍යාලේඛන පවා ඉදිරිපත් කරමින් මෙයා කියන්නෙ, මහියංගණයේ කිසිම මුස්ලිම්වරයෙකු නොමැති බවයි. එහි ඉන්නෙ මුස්ලිම්වරු දෙනේනෙක් බව කියමින් නම්, ගම්, ඡන්ද නාමලේඛන පවා ඒ නගර සභා සිද්ධියේදි මේ පුද්ගලයා ඉදිරිපත් කරනවා. එහෙම තියෙද්දි මේ පුද්ගලයා අන්තවාදීන් හමුවට යමින්, දිගින් දිගටම මේ සත්‍යය විකෘති කරමින් වැරදි තොරතුරු රටට කියනවා.