ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර භාර ගන්නා ලෙස 2015 වසරේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති තනතුර භාර ගන්නා ලෙස යෝජනාවක් පැමිණ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඒ පිළිබඳව තමන් පුදුම වූ බවත් එවකට කතානායක ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ මහතාගේ නිවසේදී ඔහුත්, තමන් හා මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී හිටපු ජනපතිවරයා තමාට පක්ෂ සභාපති තනතුර භාර ගන්නා ලෙස පැවැසූ බවත් ජනපතිවරයා සඳහන් කළේය.
කොළඹ කොටුව ජනපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී අද (30දා) ජනපතිවරයා මේ බව පැවැසීය.
“මාව පක්ෂයේ සභාපතිකරලා 2015 වසරේ පොළොන්නරුවේ තිබුණ සංවත්සරයට එතුමා (මහින්ද රාජපක්ෂ) ආවා. සත්‍ය දේ ජනතාව දන්නවා. එතුමා අයින් වෙනවා කියලා ඒ පැත්තෙන්ම යෝජනාව ආවා. මම පුදුම වුණා. චමල් රාජපක්ෂ මහතාගේ නිවසේදී සාකච්ඡාව පැවැත්වුණේ. මමයි, මහින්ද රාජපක්ෂ මහත්තයයි කතා කරලා එකඟත්වයට ආවා.”