ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
ආණ්ඩුව පවත්වාගෙන යෑමේදී සංකීර්ණ ගැටලු රුසක් මතුවන බවත්, ඒතුළ ඇතැම් ගැටලු ප්‍රසිද්ධියේ පැවසිය හැකි වුවද ඇතැම් ඒවා එලෙස පැවසිය නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
තමා කොළඹ සිටියානම් විශ්‍රාමික ආබාධිත රණවිරුන්ගේ උද්ඝෝෂණයට ජල ප්‍රහාර එල්ල කිරීමට ඉඩනොදෙන බවද ජනාධිපතිවරයා කීය.
“ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් අවුරුදු අටක් පුරාවට තිබෙන ඉල්ලීම්. ඒවා ගැන අපි ආණ්ඩුවක් විදිහට මීට මාස හතරකට කලින් සාකච්ඡා කරලා විසඳුම් දෙන්න තීරණය කළා. ඒපිළිබඳ හැමෝටම දැනුම්දුන්නා. එහෙම තියෙද්දි තමයි මේ උද්ඝෝෂණය කළේ. මේ රණවිරුවන් පිටුපස වෙනමම දේශපාලනයක් තිබෙනවා. ඇතැම් විට ඔවුන් දන්නෙත් නැහැ ඒගැන. ඒතැන ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් මේගැන දන්නවා ඇති.
ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණය කරලා ඇතුළට එන්න හදද්දි ජල ප්‍රහාර එල්ල කරලා තිබුණා. මම හිටියා නම් එහෙම කරන්න දෙන්නේ නැහැ. ඕනදෙයක් කරන්න කියලා ඇතුළට එන්න දෙනවා. ඇවිත් බිත්තිවලට තාප්පවලට ගහල යයිනේ. මම එදා කොළඹ හිටියෙ නැහැ, ඉන්දියාවේ හිටියේ. ඉන්දියාවට කතා කරලා මේගැන මට දැනුම්දුන්නානම් මම මේදේ කරන්න දෙන්නේ නැහැ* යැයි කීය.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් දැයෙන් සමුගෙන වසරක් පිරීම නිමිත්තෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ ගුණ සැමරුම ඊයේ(08දා) කොළඹ පදනම් ආයතනයේදී පැවැති අතර, එහිදී ජනාධිපතිවරයා මේබව කීය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
රු. 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්
ලංකාවේදී අයිස් නිපදවන්න ඉරානයෙන් ඇවිත්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd