මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතැර ගියත් තමන් පක්ෂය අතැර නොයන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
එසේම සෑම දවසකම තමන් ඊළඟ අගමැති බවට වාර්තා පළ වන බවත් තමන් කිසිම දිනක තනතුරු බලා වැඩ නොකළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අද (23දා) බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසේම අගමැති දි මු ජයරත්න මහතා අගමැති අසුනින් ඉවත්වන වන දිනයක් තමන් දන්නේ නැති බවත් එය ඇසිය යුත්තේ ඔහුගෙන්ම බවත් ඇමතිවරයා පැවැසීය.
"මම පක්ෂයේ රැදි ඉන්නේ තනතුරු ලබාගැනිමට නොවෙයි මට පක්ෂයේ උප සභාපති තනතුර තියෙනවා ඒක ඇති. නමුත් පක්ෂයේ රැදි ඉන්නේ පක්ෂයත් පාක්ෂිකයාත් ආරක්ෂාකිරිමට" යැයි පැවැසීය.
"මම නම් යන්නෙම නැහැ. තව යන අය ඉන්නවා කියල මම හිතන්නෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා අපිට රනිල් වික්‍රමසංහ මහතා විධායක අගමැති කරන ව්‍යාපෘතියකට සහභාවීමේ කිසිම සදාචාරක අයිතියක් අපට නැහැ." යනුවෙන් ඇමතිවරයා වැඩි දුරටත් පැවැසීය.