අපිරිසුදු ස්ථානයක් වූ වරාය තමා අමාත්‍යවරයා වීමෙන් පසුව පළමු කාර්යය ලෙස පිරිසුදු කළ බවත් මේවනවිට කොළඹ වරාය ලෝකයේ ඉහළ මට්ටමකට ගෙනඒමට හැකිවු බවත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. වරාය හා නාවික අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට ගන්නා කාරක සභා විවාදයට එක්වෙමින් අද(09) පාර්ලිමේන්තුවේදී මේබව කීය.
" වරාය මම භාරගන්නකොට බොහොම අපිරිසුදු තැනක්. මම මුලින්ම කළේ ඒක පිරිසිදු කරපු එක. වරාය දුෂණයෙන් මුදවාගත් නිසාම අද ලෝකයේ 27 වැනි ස්ථානය දක්වා කොළඹ වරාය ඉහළට ඇවිත් තියෙනවාර. බහාලුම් 23000ක් හැසිරවිය හැකි වගේම ලෝකයේ විශාලතම නෞකා අද කොළඹ වරායට පැමිණෙමින් තිබෙනවා. දේශපාලන අවශ්‍යතාවලින් තොරව ආයතනයේ අවශ්‍යතා වෙනුවෙන් අපි ඉදිරියටත් කටයුතු කළහොත් ඉතාමත් කෙටිකලකින් අපිට අපගේ ඉලක්ක වෙත ගමන් කිරීමට පුලුවන්" යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේය.