රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සහ ඒ අවට පසුගියදා පැවති නොසන්සුන් තත්ත්වයටත්, ශිෂ්‍යයන්ට හා ආචාර්යවරුන්ට කළ පහරදීම්වලටත්, තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත්, තමා එදින කිසිදු මැර කණ්ඩායමක් රැගෙන නොපැමිණි බවත්, තමන් ජීවිතේට පොල්ලක් හෝ උස්සපු කෙනෙක් නොවන බවත් නියෝජ්‍ය තැපැල් සේවා අමාත්‍ය සනත් ජයසූරිය මහතා පැවසීය.
එදින එම සිද්ධිය වන අවස්ථාව වනවිට පිටතින් කිසිදු පුද්ගලයෙකු නොපැමිණි බව කී ජයසූරිය මහතා සහභාගීවූ සියලු දෙනා විශ්වවිද්‍යාලය අවට ගම්වල ජනතාව බවද පවසා සිටියේය. "කොයිවෙලේවත් මැරවරයෝ අරගෙන ගියේ නෑ. ඒක බොරුවක්. එදා කැකනදුර මහජන පොළට මුල්ගල තිබ්බා. ඒක ඉවර වෙනකොට තමයි මේ අය කෝල් කරලා කිව්වේ ජනාධිපතිතුමාගේ පණිවුඩය දෙන්න කියලා.
එහෙම නැතිව ජීවිතේටවත්, මමත් ඉතිහාසේවත් මම ගහපු කෙනෙක්වත්, අඩුගානේ පොල්ලක් උස්සපු කෙනෙක් කියලා කියන්න බලන්න. මම එහෙම දේශපාලනය කරන්නෙ නෑ කවදාවත්" යැයි ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.