තරුණ මහජන නියෝජිතයෙකු ලෙස දේශපාලනයට පැමිණියද හොරකම්, මැරකම් කිරීමට හෝ සමාජ විරෝධී වැඩකිරීමට තමාට අවශ්‍ය නොවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
“මම බලවත් තනතුරු දැරුවට ජනතාව පීඩාවට පත්ක ළේ නෑ. මගෙන් වෙන්න ඕන සේවාව මම උපරිමයෙන්, වගකීමෙන් ඉටුකළා. ත්‍රිවිධ හමුදාවට අභිමානය ඇතිව රාජකාරි කරන්න අවශ්‍ය වටපිටාව අපි සකස් කළා. ඒ වගේම බොහෝම කෙටි කාලයක් තුළ ප්රතිලාභ සියලු රණවිරුවන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලැබෙන රණවිරු විශේෂ කාඩ්පතක් හඳුන්වාදෙන්න මට පුළුවන් වුණා" යැයි පැවසීය. රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමට එක්වෙමිනි.