තමන් කිසිවෙකුටත් බිය නොමැති බවත්, එහෙත් ජනතාවට බිය බවත් වයඹ ප්‍රධාන අමත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
කුලියාපිටිය උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම අරම්භකිරීමේ අවස්ථාවට එක්වෙමින් මහ ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
“තරහ ගියාම සමහර අයට විවිධ විදියට හැසිරෙන්න වෙනවා.ඒ වගේම මම කාටවත් බය කෙනෙක් නෙමෙයි. හැබැයි මම ජනතාවට බයයි. ජනතාව තමයි මට ඡන්දය දීලා මාව මෙතෙන්ට පත්කරලා තියෙන්නෙ. ඒ නිසා ජනතාව වෙනුවෙන් මගෙන් වැරද්දක් වුණා නම් ඒ සිද්ධිය සම්බන්ධව කොන්ද කෙළින් තියාගෙනමමනිහතමානීව ජනතාවගෙන් සමාව ඉල්ලනවා” යැයි මහ ඇමතිවරයා පවසයි.