( VIDEO) තමා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්නොවුණ බවත් එයින් ඉවත් කළ බවත් අධිකරණ හා බුද්ධශාසන හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවැසීය. අධිකරණ අමාත්‍යාශ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඔහු පැවැසුවේ තමාව ඉවත් කිරීමට හේතු දෙකක් බල පෑ බවයි. එකක් හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ බදු දිමට එරෙහිවීම හා අනෙක් කරුණ බැඳුම්කර කොමිසම හරහා හෙළිවන වංචාකරුවන්ට දඬුවම් ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කිරීම බවයි.
සිය ඉදිරි ගමන පිළිබඳව පසුව දැනුම් දෙන බවත් ආණ්ඩුවේ ගමන පිළිබදව ජනතාව තීරණයක් ගනු ඇති බවත් ඔහු සඳහන් කළේය.