තමන් ලංකා ගමන මණ්ඩලයෙන් කිසිවක් ලබාගෙන නැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. පසුගිය ජනපතිවරණ සමයේදී ලංකා ගමන ගමන මණ්ඩලයේ බස්රථ යොදාගැනීම හේතුවෙන් අයවිය යුතු රුපියල් මිලියන 142ක් නොගෙවිම හේතුවෙන් ලබන මාර්තු මාසයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ජනපතිවරයාට නොතීසි නිකුත් කර ඇති අතර ඒ පිළිබඳව අසහස් දක්වමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
වාරියපොළදී පැවැති උත්සවයකියන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පැවැසුවේ අදාළ නඩුව සිවිල් නඩුවක් බවත් සිතාසි පැමිණිවිට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.