මන්නාරමෙන් තවත් සමූහ මිනීවලක්
- 20 05 2018
- 14:34
- {{hitsCtrl.values.hits}} views
- වවුනියා මධුසංක අමරසිංහ
මන්නාරාම සතොස තොග ගබඩාව ආසන්නයේ සිදු කළ කැණීමකදී මිනිස් ඇටසැකිලිවලට සමාන ඇටසැකිලි තොගයක් හමු වී ඇතැයි වාර්තා වේ.
මන්නාරම සතොස තොග ගබඩාවේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පසුගිය මාර්තු 26 වැනිදා එහි ඉවත් කරන ලද පස් රැගෙන ගිය පුද්ගලයෙකුට පළමුව මෙම ඇටසැකිලි හමු වී ඇත.
පසුව මාර්තු 27 වැනිදා එම ගොඩනැගිල්ල හෑරූ ස්ථානයේ සිදු කළ කැණීම්වලදී තවත් ඇටසැකිලි තොගයක්ද හමු වී ඇති අතර මන්නාරම් මහේස්ත්‍රාත් අලෙක්ස් රාජා මහතා මෙම ඇටසැකිලි පිළබඳ ඉදිරි පරීක්ෂණ පුරාවිද්‍යා නිලධාරීන්ගේද සහාය ඇතිව සිදු කරන ලෙසට නියෝග කරනු ලැබුවේය.
කෙසේ වෙතත් මීට පෙර තිරුකේදීශ්වරන් කෝවිල ආසන්නයේ පිහිටි සමූහ මිනීවලක තිබී 100කට ආසන්න වූ මිනිස් ඇටසැකිලි තොගයක් හමු වි ඇති අතර මෙයද ඒ හා සමාන සමූහ මිනීවලක්ද යන්න පිළිබඳ සැක පහළ වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



