ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් ශ්රී ලංකාවට හෙරෙයින් කිලෝ ග්රෑම් 2.1ක් ගෙන ආ සැකකරුවන් පස් දෙනෙකු හෙරෙයින් තොගය සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
ඊයේ (07දා) මෙම අත්අඩංගුවට ගැනීම මන්නාරම වංකාල වෙරළේදී සිදුකර තිබේ. හෙරොයින් රැගෙන ඒමට යොදාගත් බව කියන බෝට්ටු දෙකක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.
සැකකරුවන් අද (08දා) මන්නාමර මහේස්ත්රාත් අධිකණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එළැඹෙන 14දා තෙක් රඳවාගෙන ප්රශ්න කිරීම සඳහා නියෝග කර තිබේ.