මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 450 කින් යුත් සුළං බලාගාර සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදීමට තීරණය කර තිබේ. එහි පළමු අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ආයෝජන යටතේ මෙගාවොට් 100 ක ධාරිතාවයෙන් යුත් බලාගාරය 2018 වර්ෂයේදී ජාතික බල පද්ධතියට එක්වීමට නියමිතය.
ලංකා විදුලිබල මණ්ඩලය සහ දේශීය බැංකු මගින් සපයා ගන්නා අරමුදල් යටතේ ව්‍යාපෘතිය සදහා මූල්‍ය දායකත්ව ලබාදේ. මෙම ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සහ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබදව විශේෂ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉහත තොරතුරු අනාවරණය කළේය.