මන්නාරමේ මුසලි පළාතේ සිංහල ධීවර ගම්මානයක් පිහිටුවීමට විරෝධය පළ කරමින් මන්නාරම එක්සත් ධීවර සංගමයේ සාමාජිකයෝ පිරිසක් ඊයේ ( 09දා) මුහුදු යාමෙන් වැළකී මන්නාරම නගරයේදී විරෝධතාවක නිරත වූහ.
දකුණේ සිංහල ධීවර පවුල් 180 ක් පමණ මන්නාරමට රැගෙනවිත් ඔවුන්ව මුසලි පළාතේ පදිංචි කොට නව සිංහල ධීවර ගම්මානයක් පිහිටුවීමට කටයුතු යොදා අති බවත් අතීතයේ කිසිම දිනක මන්නාරමේ සිංහල ධීවර ජනාවාස නොතිබුණු බවත් එහිදී ඔවුහු පැවසූහ.
මීට අදාළ මැනුම් කටයුතු ඊයේ 09දා සිදු කිරීමට නියමිතව තිබූ බවත් යුද්ධයෙන් පීඩාවට පත් මන්නාරම දිස්ත්රික්කයේ ධීවරයන්ට රජයෙන් මෙතෙක් සහන සලසා නොතිබියදී නව සිංහල ධීවර ජනාවාසයකට අධික මුදලක් වියදම් කිරීමට රජය සූදානම්වීම දැඩි අසාධාරණයක් බවද එහිදී ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.