මන්නාරම සමූහ මීනිවළේ පරීක්ෂණ කටයුතු 26 වැනි වතාවට ආරම්භ කළ අද (18දා) දින තුළ ඒ තුළින් තවත් මිනිස් සිරුරු තුනක අස්ථි කොටස් මතුකර ගැනීම සිදුවිය. මේ අනුව සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 68 ක අස්ථි කොටස් හමු වී ඇති බව මන්නාරම පොලීසිය පවසයි.
මන්නාරම, මාන්තෙයි මංසන්ධියේ සිට මන්නාරම, තිරුකේදීශ්වරන් දක්වා ජල නළ පද්ධතියක් ඉදිකළ සේවකයන් පිරිසකට පසුගිය දෙසැම්බර් මස 20 වැනිදා පළමු වතාවට සමූහ මිනීවළ තුළින් මිනිස් ඇට කැබලි හමුවිය.
අදාළ ඇට කැබලි හමුවීම සම්බන්ධයෙන් මන්නාරම පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව මන්නාරම අධිකරණ නියෝග අනුව පසුගිය දෙසැම්බර් 22 වැනිදා සිට අද (18දා) දක්වා අවස්ථා විසිහයකදී සමූහ මිනීවළ හැරීමේ පරීක්ෂණ පවත්වා ඇත.