මන්නාරම සිලාවතුර ප්රදේශයේ ප්රධානම මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්රිරෝද රථයක ඊයේ (06දා) සවස හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් ත්රිරෝද රථයට දැඩි හානි සිදුව ඇතැයි සිලාවතුර පොලීසිය කියා සිටියේය.
සිලාවතුර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්රී රෝද රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති අතර, එම අවස්ථාවේදීම එහි ගමන්ගත් අය ඉවත්වීම හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතරම ගින්න එකවරම මුළු ත්රිරෝද රථය පුරාම ඇවිළී තිබේ.
පසුව මුසලී ප්රාදේශීය සභාවේ ජල බවුරයක් මගින් ගින්න නිවාස දැමීමට පියවර ගෙන ඇති අතර, ඒ වනවිටත් ත්රිරෝද රථය ගින්නනේ සම්පූර්ණයෙන්ම පාහේ පිළිස්සී තිබූ බවටද පරික්ෂණ සිදුකළ සිලාවතුර පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.