අමාත්‍ය මණ්ඩලයේ අවසාන අනුමැතිය හිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 237 කින් සමන්විත නව මැතිවරණ ක්‍රම සංශෝධනයට එකඟ නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225 නොඉක්මවිය යුතු බව තම පක්ෂයේ ස්ථාවරය වන බවයි එම පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා මහනුවර අද (13) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. කෙසේ වෙතත් මිශ්‍ර ක්‍රමයක් යටතේ සැකසෙන නව මැතිවරණ ක්‍රමයට විරුද්ධත්වයක් නොමැති බවද ඔහු ප්‍රකාශකළේය.
‘‘එක්සත් ජාතික පක්ෂය කිසි දිනෙක මිශ්‍ර ක්‍රමයක් ගේන මැතිවරණ සංශෝධනයට විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි මන්ත්‍රීවරු සංඛ්‍යාව 225 ක් වෙන්න ඕනේ. ඒක තමයි අපේ පක්ෂයේ ස්ථාවරය.’’ යනුවෙන් පැවසීය