රජයට අවශ්‍ය වාහන මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ලබාගැනීමට රජය තීරණයකර ඇති බවත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට කල්බදු ක්‍රමය යටතේ වාහන ලබාදෙනතුරු රුපියල් ලක්ෂ දෙකක ප්‍රවාහන දීමනාවක් ගෙවන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (18දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එමෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට අවශ්‍ය වාහනවලට අමතරව සියලුම අමාත්‍යාංශ සඳහා අවශ්‍ය වාහන මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17දා) යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.
මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන ලබාගැනීමෙන් පාඩුවක් වෙන්නෙ නැහැ. රජයට වාසියක් වෙන්නේ. ආණ්ඩුවේ මන්ත්‍රීලට කරන්න වැඩ බොහොමයක් තිබෙනවා. විපක්ෂයෙයි, ආණ්ඩු පක්ෂයෙයි වෙනස මේකයි. ඒ නිසයි ඔවුන්ට වාහන දෙන්නේ. ඔබතුමාටත් (අනුර කුමාර) වාහනයක් අවශ්‍ය නම් මේ පැත්තට එන්න. මේ ක්‍රියාවලිය බොහොම විධිමත්ව කරන්නේ. වාහන ගෙන්වන්නේ රජය නෙවෙයි. පෞද්ගලික අංශය. ඒ තුළිනුත් රජයට මුදල් ලැබෙනවා බදු හරහා
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා -
මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු නිරේදේශ මා ළඟ තිබෙනවා. වැට්වලින් කෝටි 180ක් රජය බලාපොරොත්තු වන බව පවසන ඔබතුමා 58දෙනෙකුට වාහන ගේන්න කෝටි 243 ක් වැය කරනවා. ඒක සාධාරණද? මේ වගේ පරපෝෂිත රැළක් නඩත්තු කරන්න ඕනද මහජනතාවගේ ධනයෙන්. මේ පරපෝෂිතයොනේ
රවී කරුණායන අමාත්‍යවරයා
මේ වාහන ගෙන්වලා රජයට බිලියන 253ක් ලැබිලා තිබෙනවා. මේවා ගෙන්වන්නේ පෞද්ගලික අංශය. රජය ගෙන්වන්නේ නැහැ. ඔබතුමාට මන්ත්‍රී විදිහට වාහනයක් ගෙන්නවන් බලපත්‍රයක් ලැබෙනවා. ඒකට විරුද්ධ නැහැ. ආණ්ඩුවේ මන්ත්‍රීලට වාහන දීමේ තිබෙන වැරැද්ද මොකද්ද . මේවා ඔබතුමාලගේ මාධ්‍ය සංදර්ශන
මෙහිදී ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඝෝෂා කරන්නට වූ අතර, පාර්ලිමේන්තුව උණුසුම් තත්ත්වයකට පත්විය. ඇතැම් මන්ත්‍රීවරුන්ට නිශ්ශබ්ද වන ලෙස කථානායකවරයාට නම් කිරීමට පවා සිදුවිය.