පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වත්කමක් ලැබුණු විට සමහර විට එය විකිණීමට හැකියාව තිබුණත්, ඔවුන් තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාගන්නේ එම වාහනය පාවිච්චි කිරීමට මිස විකිණීමට නොවන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (20දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
රු.ලක්ෂ 200 ඉක්මවා මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණෙන බවට පළ වන පුවත් වාර්තා පිළිබඳව තමා නොදන්නා බව පැවසූ අමාත්‍යවරයා, එසේ යම් අයෙකු විකුණා ඇත්නම් ඔහුගෙන් ඒ පිළිබඳ විමසන ලෙසත්, ඔවුන් මෙසේ බලපත්‍රයක් විකුණා ඇති බව පෙන්වීම මාධ්‍යයේ වගකීම බවත් පවසා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා,
"මම හිතන්නෙ ඔය ප්‍රකාශ බොරුවක්. ඉතිං ඒ වගේ විකුණපු එක්කෙනෙක්ගෙන් ඒක අහන්න. මම එහෙම විකුණපු අය දන්නෙ නෑ. සමහර විට වත්කමක් ලැබුණාම ඒක විකුණන්න පුළුවන්. නමුත්, ඒගොල්ලන් ගන්නෙ ඒක පාවිච්චි කරන්න මිසක් විකුණන්න නෙමෙයි. මන්ත්‍රීවරයෙක් බර කරත්තෙක යන්නද කියන්නෙ." යැයි පවසා සිටියේය.