ඒකාබද්ධ විපක්ෂයට රැස්වීමක් පැවැත්වීම සඳහා රත්නපුර සීවලී ක්‍රීඩාංගණය ලබානොදුන් බවට සහ අලුත් පක්ෂයක් එදිනට නිර්මාණය කරන බවට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිදුකරන ප්‍රකාශ සත්‍ය‘යෙන් තොර බව අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඥාතීත්වයෙන් ඇමති ජෝන් සෙනෙවිරත්න මහතාගේ ලේලියක වෙන අතර මන්ත්‍රීවරියට ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා ඥාතීත්වයට මාමා වෙයි.
අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් පැවැත්වීම සඳහා රත්නපුර මහනගර සභාවේ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබෙන්නේ ලොරි රථගාල බවයි.
මීට අමතරව එදිනට අලුත් පක්ෂයක් හදන බවට තම ඥාති දියණිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළද, ඒකාබද්ධ විපක්ෂයේ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඩලස් අපහප්පෙරුම මහතා ඇතුළු පිරිස් එවැනි දෙයක් සිදු නොවන බවට ප්‍රකාශ කර ඇති බවත්, මේ නිසා ක්‍රීඩාංගණය ලබානොදීම පිළිබඳව සහ අලුත් පක්ෂයක් හදන බවට තම ලේලිය සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවත් ජෝන් සෙනෙවිරත්න මහතා කියා සිටියේය.